තෙරේසා මේ පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙයි



පෙර දැනුම් දී තිබූ අයුරින්, බි‍්‍රතාන්‍ය අගමැතිනී තෙරේසා පාලක පක්ෂය වන කොන්සවටිව් පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වූවාය.

නව නායකයකු පත් කර ගන්නා තෙක් පමණක් තමන් අගමැති ධුරයේ රැුඳී සිටින බව මේ මාධ්‍ය හමුවේ පවසා ඇත. බි‍්‍රතාන්‍යයේ අගමැති ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය.

තෙරේසා මේ පක්ෂ නායකත්වයෙන් සහ අගමැති ධුරයෙන් ඉවත් වෙන බව නිවේදනය කළේ මීට සින කීපයකට පෙරය.

යුරෝපා සංගමයෙන් මහා බි‍්‍රතාන්‍යය ඉවත්වීම හෙවත් ‘බ්‍රෙක්සිට්’ කි‍්‍රයාවලිය සම්පූර්ණ කිරීමට තෙරේසා මේට නොහැකි විය. පක්ෂ නායකත්වයෙන් සහ අගමැති ධුරයෙන් ඉවත්වීමට ඇයට සිදුවූයේ ඒ නිසාය.

කොන්සවටිව් පක්ෂයේ නායකත්වයට මන්තී‍්‍රවරුන් 11 දෙනකුගේ නම් යෝජනා වී ඇත. ඔවුන් අතරින් කෙනකු තෝරා ගැනීම සිදුවන්නේ පක්ෂ අභ්‍යන්තරයේ සිදුවන ඡන්ද විමසුමකිනි.

ලන්ඩනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS