තෙරේසා මවුතුමියගේ පුණ්‍යායතනයට තහංචි



අසරණ සරණ වෙනුවෙන්, ​තරේසා මවුතුමිය පිහිටවූ ‘මිෂනාරීස් ඔෆ් චැරිටි’ පුණ්‍යායතනයේ බැංකු ගිණුම් අත්හිටුවීමටත්, විදේශවලින් ඊට ලැබෙන අරමුදල් නැවැත්වීමටත් ඉන්දීය රජය පියවර ගෙන ඇත.

‘මිෂනාරීස් ඔෆ් චැරිටි’ පුණ්‍යායතනය ක්‍රියාත්මක වන්නේ කතෝලික සභාව යටතේය. ‘මිෂනාරීස් ඔෆ් චැරිටි’ පුණ්‍යායතනයේ බැංකු ගිණුම් අත්හිටුවීමටත්, විදේශවලින් ඊට ලැබෙන අරමුදල් නැවැත්වීමටත් ඉන්දීය රජය පියවර ගත්තේ පසුගිය නත්තල් දා වීම විශේෂත්වයකි.

විදේශ අරමුදල් භාවිත කිරීමට, ලාභ නොලබන ආයතනවලට විදේශ දායකත්ව නියාමන පනත යටතේ නිෂ්කාශනය අවශ්‍ය වෙයි.
‘මිෂනාරීස් ඔෆ් චැරිටි’ පුණ්‍යායතනය පවසා ඇත්තේ තමන්  ඊට අදාළ 'බලපත්‍රය' අලුත් කිරීමට කළ ඉල්ලීම ඉන්දීය ස්වදේශ කටයුතු අමත්‍යාංශය ප්‍රතික්ෂේප කර ඇති බවය.

පිළිසරණක් නැති අන්ත දුප්පත් අහිංසක වැසියන්ට පිහිටවීමට සිය ජීවිතය කැප කළ උදාර චරිතයක් ලෙස තෙරේසා මවුතුමිය සැලකෙයි. මැසිඩෝනියාවේ සිට පැමිණ 1950 වසරේ දී ඉන්දියාවේ කොල්කටාව සිය නිවහන කරගත් තෙරේසා මව්තුමියට 1979 වසරේ නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුණේ ඇගේ මානුෂීය සේවාව අගය කරමිණි. තෙරේසා මවුතුමියගේ අභාවයෙන් වසර 19කට පසු 2016 වසරේදී ශූද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් තුමන් විසින් ඇය ශාන්තූවරියක ලෙස නම් කරනු ලැබුණි.

තෙරේසා මවුතුමියගේ පුණ්‍යායතනයේ බැංකු ගිණුම් ඉන්දීය රජය  අත්හිටුවීමට පියවර ගැනීම සම්බන්ධයෙන් බෙංගාල මහ ඇමැතිනී මම්තා බෙනජ්රි සිය අප්‍රසාදය පළ කර ඇත. ඒ, ට්විටර් පණිවුඩයක් මගිනි. තෙරේසා මවුතුමියගේ ‘මිෂනාරීස් ඔෆ් චැරිටි’ පුණ්‍යායතනයේ මූලස්ථානය පිහිටා ඇත්තේ බටහිර බෙංගාලයේ කොල්කටා නුවරය.

නත්තල් දා ‘මිෂනාරීස් ඔෆ් චැරිටි’ පුණ්‍යායතනයේ බැංකු ගිණුම් අත්හිටුවීමට ඉන්දීය රජය පියවර ගැනීම කිසිසේත් අනුමත කිරීමට නොහැකි යැයි බෙංගාල මහ ඇමැතිනියගේ ට්විටර් පණිවුඩයේ වැඩි දුරටත් සදහන් වෙයි.

මිෂනාරීස් ඔෆ් චැරිටි’ පුණ්‍යායතනයේ බැංකු ගිණුම් අත්හිටුවීම සහ විදෙස් අරමුදල් නැවැත්වීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ රජය රජය නත්තල් දා කටයුතු කිරීම  දෛවෝපගත සිදුවීමක් බවත්, එය එසේ වූයේ භාරතීය ජනතා පක්ෂයට ළං වී සිටින හින්දු ජාතිකවාදීන් අත්වාදී කණ්ඩායම් නිසා බවත් ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය එම තීරණයට එලඹී ඇත්තේ, පුණ්‍යායතනයට ලැබෙන එම විදේශ ආධාරවලින් අහිතකර ප්‍රතිඵල අත්වන බවට චෝදනා  කරමිනි.

(රොයිටර්)


RECOMMEND POSTS