තෙදින නිල සංචාරයකට භූතාන රජු ඉන්දියාවේ

භූතානයේ ජිග්මේ කෙෂාර් නම්ග්ගාල් වංග්චක් රජු හෙට (3) තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණීමට නියමිතය.
භූතාන රජුගේ මෙම සංචාරයේ අරමුණ භූතානය ඉන්දියාව අතර ආර්ථික සහ සංවර්ධන සහයෝගීතා වර්ධනය කර ගැනීම යැයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දී තිබේ.
වංග්චක් රජු, ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු මෙන්ම ඉන්දීය අග්රාමොත්ය නරේන්ද්‍ර මෝදි ද හමුවී, සාකච්ඡා පැවැත්වීමට නියමිත යැයි ද මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කර තිබේ.
භූතාන රජු සමඟ එරට විදේශ අමාත්‍ය මෙන්ම අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ද වන ටන්ඩි ඩෝර්ජි ද මෙම සංචාරයට එක් වනු ඇත. ජිග්මේ කෙෂාර් නම්ග්ගාල් වංග්චක් රජු ලබන පස් වැනිදා තෙක් ඉන්දියාවේ රැඳී සිටිනු ඇත.
(රොයිටර්)

