තුවක්කුකරු බ්‍රිතාන්‍ය ජාතිකයෙක්



ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ යුදෙව් ආගමික දේවස්ථානයකට කඩා වැදී, පැය 10 ක් තිස්සේ එහි ප්‍රධාන පූජකවරයා ඇතුළු සිවු දෙනකු ප්‍රාණ ඇපයේ තබා ගත් තුවක්කුකරු 44 හැවිරිදි මලික් ෆයිසාල් අක්‍රම් නමැති බ්‍රිතාන්‍ය පුරවැසියකු බව එෆ්.බී.අයි. කාර්යාංශය පවසයි.

ගිනි අවියක් අතැතිව මලික් ෆයිසාල් අක්‍රම් දේවස්ථානයට කඩා වැදුණේ උදෑසන දේව මෙහෙය පවත්වද්දීය. ඔහු ප්‍රාණ ඇපකරුවන් රදවා ගනිමින් ඉල්ලා සිටියේ ඇමෙරිකන් අත්අඩංගුවේ පසුවන පාකිස්තාන විද්‍යාඥවරියක වන අෆියා සිදික්කි නමැත්තිය නිදහස් කරන ලෙසටය.

නීතිවිරෝධී ලෙස මලික් ෆයිසාල් අක්‍රම් ට ගිනි අවිය ලැබී ඇත්තේ ඔහු ඇමෙරිකාවට පැමිණීමෙන් පසුවය.

අෆියා සිදික්කි 86 වසරක සිරදඩුවම් විදින තැනැත්තියකි ඒ, ඇෆ්ගනිස්තානයේ දී ඇමෙරිකන් සොල්දාදුවන් ඝානය කිරීමට ඇය සැලැසුම් කළා යන චෝදනාවලට වරදකාරිය වීමෙනි.

පැය 10 කට පසු මලික් ෆයිසාල් අක්‍රම්ගේ ග්‍රහණයේ සිටි ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමට පොලිසිය සහ එෆ්.බී.අයි. කාර්යාංශ නිලධාරීන් සමත් වූයේ මලික් ෆයිසාල් මරා දමමිනි.

බ්‍රිතාන්‍යයේ සිටින මලික්ගේ සොහොයුරා ඇතුළු පවුලේ සාමාජිකයටන් සියලු දෙනා ඇමෙරිකන් ආරක්ෂක අංශ සමග එක් වී මලික් සමග සම්බන්ධ වී ඔහුට යටත් වෙන්නැයි පැවැසූ නමුත් මලික් ඊට විරෝධය දක්වා ඇත.

මලික් ෆයිසාල් අක්‍රම් දේවස්ථානයට කඩා වැදී ප්‍රාණ ඇපකරුවන් රදවා ගැනීම 'ත්‍රස්ත ක්‍රියාවක්' ලෙස හැදින්වීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පියවර ගෙන ඇත. කෙසේ නමුත් මලික් එම දේවස්ථානය තෝරා ගැනීමට හේතුව මෙතෙක් පැහැදිලි නැත.

බ්‍රිතාන්‍ය විදේශ ලේකම් (ඇමැති) ලිස් ටෲස් පවසා ඇත්තේ මේ මොහොතේ මහා බ්‍රිතාන්‍යය ඇමෙරිකාව සමග සිටින බවත්, සිදුවුණු ඒ ත්‍රස්ත ක්‍රියාව තරයේ හෙලා දකින බවත්ය.

(බීබීසී)


RECOMMEND POSTS