තීරුබදු සියයට104 දක්වා ඉහළ දමයි
චීනයට පනවා තිබුණු තීරු බදු, සියයට 104 ක දක්වා වැඩි කිරීමට, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇත. ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්, මෙම තීරණය නිවේදනය කළේ ධවල මන්දිරයේ පැවැති විශේෂ උත්සවයකදීය.
ට්‍රම්ප්ගේ තීරු බදු පැනවීමත් සමඟ චීනයත් ඇමෙරිකාවත් අතරේ පවතින වෙළෙඳ යුද්ධය තවත් ත්‍රීව වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.
චීනයට අමතරව තවත් රටවල් 60 කට තීරු බදු පැනැවීමට ද ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් පියවර ගෙන ඇති අතර, එම තීරුබදු අද (9) සිට ක්‍රියාත්මක විය.
ඇමෙරිකාවට ආනයනය කරන සියලුම භාණ්ඩ මත ප්‍රති තීරු බදු පනවන බව ජනාධිපති ට්‍ර්ප් නිවේදනය කළේ පසුගිය දෙවැනිදාය. එය ඇමෙරිකාවේ ‘විමුක්ති දිනය’ ලෙස ද ට්‍රම්ප් නම් කළේය. එම තීරැ බදු ක්‍රමවේදය ඊයේ (9) සිට ක්‍රියාත්මක විය.
ට්‍රම්ප් පරිපාලනය, චීනයට පැනවූ සියයට 54 ක අමතර තීරු බදුවලට අමතරව, තවත් සියයට 50 ක තීරු බදු පැනවීමක් කළේය. ඒ, චීනය ඇමෙරිකාව මත පැනවූ ප්‍රති තීරු බදු හකුළා ගන්නැයි බල කරමිණි.
චීනය, පෙරළා ඇමෙරිකාවට කියා සිටියේ, කිසිම අවස්ථාවක එම බදු හකුලා ගැනමක් සිදු නොකරන බවය. ඒ අනුව, ඇමෙරිකාව ඊට ප්‍රතිචාර දක්වමින්, චීනයට පනවා තිබුණු තීරු බදු, සියයට 104 ක දක්වා වැඩි කිරීමට කටයුතු කළේය.
(ඒ.එෆ්.පී.)