තායිවානයට භූමි කම්පාවක්



තායිවානය ප්‍රබල භූමි කම්පාවකින් කැලඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ සටහන් වූයේ 7.5 ක් ලෙසය. භූමි කම්පාවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවිය. තායිවාන බලධාරීන් නිවේදනය කළේ භූමි කම්පාවෙන් සිවු දෙනෙක් මියගිය බවත්, 50 දෙනකු තුවාල ලැබූ බවත්ය. 

භූමි කම්පාව හටගත්තේ තායිවානයේ හුවාලියන් නගරයට කිලෝමීටර් 18ක් දකුණින්, කිලෝමීටර් 15.5 ක් ගැඹුරිනි. නිවාස සහ ගොඩනැගිලි කඩා වැටී සුන්බුන් අතරේ සිරවුණු පිරිස් සොයා මෙහෙයුම් පැවැත්විණි. සහන සේවකයන් පැවැසුවේ, තුවාල ලැබූවන් සහ මියගිය පිරිස තවත් ඉහළ යා හැකි බවය.

 

RECOMMEND POSTS