තායිවානයට භූ කම්පන මාලාවක්



නැගෙනහිර තායිවානයේ ඊයේ (22) රාත්‍රියේ සිට අද (23) අලුයම දක්වා කාලය තුළ භූ කම්පන 80 සිදුව ඇති බව එරට බලධාරීහු ප්‍රකාශ කළහ.ඒ භූ කම්පන අතුරින් ප්‍රබලතම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.3 ක අගයක් ගත් බව එරට බලධාරීහු පැවැසූහ.

නමුත් භූ කම්පන වලින් ප්‍රබල හානියක් සිදුව ඇති බවට වාර්තා වී නොමැති බවත් මෙතෙක් ජීවිත හානි සිදුව ඇති බවටද වාර්තා වී නොමැති බවත් තායිවාන බලධාරීහු ප්‍රකාශ කළහ.රික්ටර් මාපකයේ 6.3 ක අගයක් ගත් භූමි කම්පාව තායිපේ අගනුවරටද දැනී ඇති අතර අගනුවර ගොඩනැගිලිද භූමි කම්පාව හේතුවෙන් සෙලවීමට ලක්ව ඇතැයි තායිලන්ත බලධාරීහු පැවැසූහ.


RECOMMEND POSTS