තායිලන්තයේ හදිසි තත්ත්වයක්



දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලා තායිලන්ත ශිෂ්‍ය සංගම් එක් වී පවත්වන විරෝධතා උත්සන්න වීමත් සමග හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට අග්‍රාමාත්‍ය ප්‍රයාත් චාන් ඕචා තීරණය කළේය.

තායිලන්තයේ විරෝධතා ආරම්භ වූයේ මීට මාස 3 කට පෙර සිටය. අග්‍රාමාත්‍ය ප්‍රයාත් චාන් ඕචා ට වහා ධුරයෙන් ඉවත් වන්නැයි විරෝධතාකරුවෝ බලකර සිටිති.

හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමත් සමග ජනතා ඒකරාශීවීම් තහනම් වන අතර, ජනතාව උසිගන්වන ප්‍රකෝපකාරී ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම ද තහනම්ය.

පස් දෙනකුට වැඩි ජනතා ඒකරාශීවීම් සිදුවන්නේ නම්, පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගන්නා බව පවසා ඇත. තායිලන්තයේ විරෝධතා පැවැත්වෙන්නේ කොරෝනා වයිරසය ව්‍යාප්ත වෙමින් පවතින අවස්ථාවක යැයි එරට පුවත් සේවා පෙන්වා දෙයි.

බැංකොක්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS