තායිලන්ත හිටපු අගමැතිනිය ඩුබායි ගිහිල්ලා



දූෂණ වංචා චෝදනා එල්ල වී, ඒ සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වෙද්දී, තායිලන්තයේ හිටපු අගමැතිනී යිංග්ලක් ෂිනවාත්‍රා රහසේම රටින් පිටවුණු බවත්, ඇය ඩුබායි බලා ගිය බවත් තායිලන්ත පුවත් සේවා වාර්තා කරයි.

පසුගිය 25 වැනිදා එල්ල වී ඇති එම චෝදනා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතව තිබුණි. කෙසේ නමුත් හිටපු අගමැතිනී යිංග්ලක් ෂිනවාත්‍රා අධිකරණයට පැමිණ සිටියේ නැත.

එම අවස්ථාවේදී, අධිකරණය හමුවේ පෙනී නොසිටියේ යැයි චෝදනා කරමින්, ඇය වහා අත්අඩංගුවට ගන්නා ලෙස විනිසුරුවරයා වරෙන්තුවක් නිකුත් කළේය. පසුව වාර්තා වූයේ ඒ වනවිටත් හිටපු අගමැතිනිය රහසේම රටින් පැන ගොස් සිටි බවය.

(රොයිටර්/ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS