තායිලන්ත විද්‍යාඥයන්ට නව වයිරසයක් හමුවෙලා



වවුලන් අතරේ ව්‍යාප්ත වන, වවුලන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය විය හැකි, මාරක වයිරසයක් ගැන තායිලන්ත විද්‍යාඥයෝ අනතුරු අඟවති.

මෙම වයිරසය හමුවී ඇත්තේ, තායිලන්ත ගොවීන්, නිතර ගැවසෙන වවුල් ලෙනක ජීවත් වන වවුලන් අතරේය. ගොවීන් මෙම ලෙනට යන්නේ කුඹුරුවලට පොහොර ලෙස වවුල් වසුරු (ගුවානෝ) එක්රැස් ගැනීමටය.

ලොව කැලැඹීමට සමත් වූ ‘කොවිඞ් 19’ නව කොරෝනා වයිරසය ද, වවුලන්ගෙන් මනුෂ්‍යයන්ට ව්‍යාප්ත වී මනුෂ්‍යයන් අතරේ පැතිරුණු වයිරසයක් බව පැවැසෙයි.

තායිලන්ත වවුලන් සම්බන්ධයෙන් එරට විද්‍යාඥයන් පරීක්ෂණ පවත්වන්නේ ‘කොවිඞ් 19’ වැනි මාරක වයිරස ඇතිදැයි සොයමිනි. විද්‍යාඥයන්ට මෙම නව වයිරසය හමුවී ඇත්තේ එසේ පරීක්ෂණ කරද්දීය.


RECOMMEND POSTS