ත්‍රස්තවාදීට හිස ඔසවන්න දෙන්නේ නෑ

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි රාජස්තානයේ චූරු හි පැවැති ජන රැළියක් අමතමින්, පාකිස්තානයේ බලාකොට් ප්‍රදේශයේ ත්‍රස්ත පුහුණු කඳවුරට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දීය ගුවන් හමුදාවට ප්‍රසංශා කළේය.
එපමණක් නොව, ඉන්දු කාශ්මීරයේ ක්‍රියාත්මක බෙදුම්වාදී ත්රස්තවාදීන්ට හිස එසවීමට තමන් ඉඩ නොදෙන බවට අගමැතිවරයා ප්‍රතිඥා දුන්නේය.
ඉන්දිය මහ මැතිවරණය ලබන අප්‍රේල් මාසයේදී පැවැත්වෙයි. අගමැතිවරයා මෙම ජන රැළියට සහභාගී වූයේ ඒ නිමිත්තෙනි.
‘මම විශ්වසෙයන් කියනවා. රටට අනතුරක් නැහැ. රට ආරක්ෂිතයි. රටට අනතුරක් වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ’ යැයි මෝදි ජන රැලියට එක් වුණු පිරිස අමතමින් කියා සිටියේය.
ඉන්දියාව තව දුරටත් බෙදුම්වාදී පාකිස්තාන ත්රස්තවාදීන්ට දණ නොනමන බවත්, නිර්භීතව නැගී සිටිමින් ත්රස්තවාදීන්ට මුහුණ දෙනු ඇති බවත් අගමැති මෝදි වැඩි දුරටත් කියා සිටියේය.
එන්.ඩී.ටීවී. ඇසුරිනි

