ත්රස්තවාදයට එරෙහිව රූපවාහිනි ප්‍රචාරණ වීඩියෝවක්

මැන්චෙස්ටර් නුවරට එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරයට එරෙහිව කුවේට් රාජ්‍යයේ ජංගම දුරකථන සමාගමක් වන සේන් වෙතින් ත්රස්තවාදයට එරෙහිව විනාඩි 3ක රූපවාහිනි ප්‍රචාරණ වීඩියෝවක් මැයි 27දින එළිදක්වා ඇති අතර මේ වන විට මිලියන 2.8කට වැඩි පිරිසක් නරඹා ඇති බව වාර්තා වේ.
එමිරේට් ගායකයෙකු මෙන්ම ගීත රචකයෙකු වන හුසේන් අල්-ජස්මි එම වීඩියෝවේ පෙනී සිටිමින් ගීත ගායනා කරන අතර, අඟහරුවාදා වන විට එම වීඩියෝව එමිරේට් රාජ්‍යය තුල නව රැල්ලක් බවට පත්වී ඇත.
මරාගෙන මැරෙන බෝම්බකරුවකුට ත්රස්තවාදයට ගොදුරු වූ පුද්ගලයින් අභියෝග කරන ආකාරය දැක්වෙන අතර ගායකයා ගීතය ගායනා කරමින් බෝම්බකරුට “සතුරාට සාමයෙන් මුහුණ දෙන්න, යුද්ධය නොවේ’’ යනුවෙන් පණිවිඩයක් ලබා දෙයි.
යුද්ධයේ ඇති කුරිරු බව දැක්වෙන දර්ශන සහ ඡායාරූප යොදා ගනිමින් විශිෂ්ඨ ලෙස වීඩියෝව නිර්මාණය කර ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි

