ත්‍රස්තයන්ට සහාය දැක්වූ 31ක් සෞදියේදි අත් අඩංගුවට

ගතවූ දින අටක කාලය තුළ අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානය ඇතුළු අනෙකුත් ත්‍රස්තයින්ට සහාය දුන් පුද්ගලයින් 31 දෙනෙකු සෞදි ආරක්ෂක අංශ විසින් දියත් කළ විශේෂ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන ඇතැයි සෞදි රජය නිවේදනය කළේය.
සෞදි ආරක්ෂක අංශ විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ අයි.එස්.අයි.එස් හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන්ට සහ අනිකුත් ෂියා ත්‍රස්ත කණ්ඩායම් වලට ආධාර හා අනුබල දුන් සෞදි ජාතිකයින් ඇතුළු පිරිසකි.
අත්අඩංගුවට පත් අය අතර සෞදි ජාතිකයින් විසි තුන් දෙනෙක්ද සිටීම විශේෂත්වයකි.මීට අමතරව යේමන ජාතිකයින් තිදෙනෙකද, සිරියානු ජාතිකයින් දෙදෙනෙකුද ,ජොර්දාන් ,සුඩාන් ,සහ ඉන්දීය ජාතිකයින් එක් අයෙකු බැගින් ද අත්අඩංගුවට පත් පිරිසේ වෙති.
මොවුන් සෞදියේ සිටිමින් කුමන ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධ වූයේද යන්න හා මොවුන් ඉකුත් මාස කිහිපයේ සෞදියේ සිදුවූ කුමන වූ ත්‍රස්ත ක්‍රියාවන්ට හවුල් වූවන්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්වීමට සෞදිය තීරණය කර ඇත.
මේවන විට සෞදිය යේමනයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට පටන් ගැනීමෙන් පසුව සෞදිය එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අනෙකුත් ගල්ෆ් කලාපීය රට වල විවේචනයට ලක්ව සිටින අවස්ථාවකදී අයි.එස්. අයි.එස් හා අනිකුත් ෂියා ත්‍රස්ත කණ්ඩායම් වලට හවුල් වූවන් සෙවීමේ මෙහෙයුම් දිගින් දිගටම පවත්වමින් සිටී.
( තිළිණි ද සිල්වා )
ගල්ෆ් ඩේලි නිව්ස් වෙබ් අඩවිය ඇසුරෙනි..

