තහනමක් ගැන සලකා බලනවා



එක්සත් රාජධානියට සංචාරක තහනමක් පනවන්නේ ද යන්න සලකා බලන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ නියෝජ්‍ය සෞඛ්‍ය ලේකම් බ්‍රෙට් ගර්රොයර් පැවැසීය.

එක්සත් රාජධානිය තුළ නව කොරෝනා වයිරසයේ අලුත් ප්‍රභේදයක් පැතිර යෑම මුල් කරගනිමින් රටවල් රැසක් මේ වනවිටත් එක්සත් රාජධානිය සමඟ ගුවන් ගමන් අත්හිටුවා ඇත.

මේ තත්ත්වය හේතුවෙන් මේ වනවිට අර්බුද රැසක් නිර්මාණය වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් රාජධානියට සංචාරක තහනමක් පනවන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තවමත් කිසිවක් සාකච්ඡා කර නැතැයි ද නියෝජ්‍ය සෞඛ්‍ය ලේකම්වරයා පැවැසීය.

සී.එන්.එන්. පුවත් නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඒ බව පැවැසීය.

‘‘ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. අපිට දැන සියල්ල සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා. මේ සම්බන්ධයෙන් විවෘත විද්‍යාත්මක පදනමක් යටතේ සාකච්ඡා කරනවා. ඉන් අනතුරුව සුදුසු නිර්දේශය ඉදිරිපත් කරනවා’’ යැයි හෙතෙම එහිදි කීය.

ධවල මන්දිර කොරෝනා වයිරස කාර්ය සාධක බලකාය රැස්වීමට නියමිත බව ද හෙතෙම කීය.

ද ගාඩියන්


RECOMMEND POSTS