තහංචි ලිහිල් කරන්න හදිස්සි නෑ
චීනයේ වූහාන් නුවරින් යළිත් වරක් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් හමුවීමත් සමඟ වූහාන් නුවරට තවදුරටත් තහංචි පැනැවීම සිදු කරන බව චීනය කියයි.
වූහාන් නුවරට පමණක් නොව චීනයේ සෙසු නගරවලට පැනැවූ තහංචි ලිහිල් කිරීමට චීන මධ්‍යම රජය පසුගිය දා කටයුතු කළේය. ඒ රට තුළින් වයිරස ආසාදිතයන් හමුවීම අවම මට්ටමක පැවැතීමත් සමඟය.
තහංචි යළිත් වරක් ක්‍රියාත්මක වනු ඇති බවත් ඒවා ලිහිල් කිරීමට හදිසි නොවන බවත් චීන ජාතික සෞඛ්‍ය කොමිසම මේ වනවිට තීරණයක් ගෙන ඇත.
(අල් ජසීරා)

