තවත් සුනාමියක්



දකුණුදිග පිලිපීනයේ මින්ඩානෝ දූපත රික්ටර් පරිමානයේ ඒකක 6.9 ක් සටහන් කළ භූමි කම්පාවකින් කැලඹී ගියේය.

භූමි කම්පාවෙන් පසු පිලිපීනයට සහ අසල පිහිටි ඉන්දුනීසියාවට, පලාව් දූපතට සුනාමි රළ කඩා වැදුණු බව පැසිෆික් සාගර සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසා ඇත.

භූමි කම්පාව හටගත්තේ පිලිපීනයට ඔබ්බෙන් මුහුදේ කිලෝ මීටර් 60 ක් පමණ ගැඹුරිනි. එහෙයින් සුනාමි රළ හට ගැනීමේ අවදානමක් පවතින බව කල් තියා අනතුරු ඇඟවීමට පැසිෆික් සාගර සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය කටයුතු කළේය.

භූමි කම්පාව හෝ සුනාමිය හෝ ප්‍රබල නොවුණු අතර එයින් ජීවිත හානි හෝ සැලකිය යුතු දේපොල හානියක් හෝ සිදු නොවුණු බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS