තවත් වසර 5 ක් ඉන්දියාව මෝදිට

ලෝක්සභා මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයක් හිමිකර ගත් අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ ඇමැති මණ්ඩලය අද (30) සවස 7 ට දිවුරුම් දෙයි.
දිවුරුම් දීමේ විශේෂ උත්සවය නවදිල්ලියේ ජනාධිපති නිල නිවස වන රාෂ්ට්‍රපතිභවන්හිදී පැවැත්වෙයි. දිවුරුම්දීම සිදුවනු ඇතතේ ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් ඉදිරියේය.
2014 වසරේ පළමු වරට අගමැති ධුරයේ මෝදි දිවුරුම් දෙද්දී අමුත්තන් 5,000 සහභාගී වුණු අතර, මෙවර අමුත්තන් 8,000 ක් සහභාගී වීම වනු ඇති බව පැවැසෙයි.
දිවුරුම්දීමට පෙර අද (30) උදෑසන අගමැති මෝදි මහත්මා ගාන්ධි තුමන්ගේ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය. ඉන්පසු මෝදි පුෂ්පෝපහාර දැක්වීම කළේ අභාවප්‍රාප්ත ඉන්දීය අගමැති අතල් බිහාර් වජ්පායිගේ ස්මාරකයටය.
අගමැති අතල් බිහාර් වජ්පායි භාරතීය ජනතා පක්ෂය නියෝජනය කළ ඉන්දියාවේ 10 වැනි අගමැතිවරයාය. වජ්පායි අභාවප්‍රාප්ත වූයේ පසුගිය 2018 වසරේ අගෝස්තුවේදීය. මෝදි දිවුරුම් දෙනු ඇත්තේ ඉන්දියාවේ 14 වැනි අගමැතිවරයා ලෙසය.
නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)

