තවත් ප්‍රධාන නගරයක් සීල් තැබේ

නව කොරෝනා වයිරසය ව්‍යාප්තවීමට පටන් ගැනීමත් සමඟ චීනයේ තවත් ප්‍රධාන නගරයක් සීල් තැබීමට චීන රජය පියවර ගත්තේය. සීල් තැබුණේ නැගෙනහිර දෙසින් පිහිටි වෙන්ෂූ නගරයයි.
වෙන්ෂූ නගරය පිහිටා ඇත්තේ වයිරසය ආරම්භ වුණු වූහාන් නගරයේ සිට කිලෝ මීටර් 800 ක් දුරිනි.
වූහාන් නගරයෙන් ඇරැඹුණු වයිරසය මේ වනවිට චීනයේ සෑම පළාතකටම පැතිර ගොස් අවසන්ය.
වයිරසය උත්සන්න වීමත් සමඟ එය පාලනය කිරීමේ අරමුණින් සීල් තැබුණු නගර සංඛ්‍යාව මේ වනවිට 19 දක්වා ඉහළ ගොස් ඇත.
බීජීංහිදීය (ඒ.එෆ්.පී.)

