තවත් අවස්ථාවක් ඉල්ලයි

ෆේස්බුක් වෙබ් ජාලයට සම්බන්ධ ගිණුම් හිමියන්ගේ පෞද්ගලික තොරතුරු අවභාවිතයට ලක් කිරීමට ඉඩ ලැබීම සම්බන්ධයෙන් කනගාටුව පළ කරන ෆේස්බුක් ප්රධානී මාර්ක් සකර්බර්ග් පවසා ඇත්තේ සිදුවුණු වැරැදි නිවැරදි කිරීමට තමන්ට තවත් අවස්ථාවක් ලබා දෙන ලෙසය.
ෆේස්බුක් ගිණුම් හිමියන්ගේ තොරතුරු අවභාවිතයට ලක් වෙද්දී, මාර්ක් සකර්බර්ග්ට බොහෝ දෙනාගෙන් දොස් අහන්න සිදුවිය.
එපමණක් නොව, ෆේස්බුක් ජාලය හරහා එහි ගිණුම් හිමියන්ගේ පෞද්ගලික තොරතුරු අවභාවිතයට ලක්වුණැයි චෝදනා සම්බන්ධයෙන්, කරුණු පැහැදිලි කිරීමට ෆේස් බුක් නිර්මාතෘවරයා මෙන්ම හිමිකරු ද වන මාර්ක් සකර්බර්ග් ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලයේ විශේෂ පරීක්ෂණ කමිටුවක් හමුවේ පෙනී සිටීමට පවා සිදුවිය.
සකර්බර්ග් වැඩිදුරටත් පවසා ඇත්තේ, ෆේස්බුක් ගිනුම් හිමියන්ගේ පෞද්ගලික තොරතුරු අවභාවිතය කිරීම වැළැක්වීමට නව ආරක්ෂක ක්රමවේදයක් කඩිනමින් සකස් කරන බවය.
(රොයිටර්)

