තවත් 4 ක් එළියට



තායිලන්තයේ චියැංග් රායි පළාතේ, තම්ග් ලුඅන්ග් ලෙන තුළ සිරවුණු පාසල් පා පන්දු කණ්ඩායමේ ඉතිරි දරුවන් 8 දෙනා සහ පුහුණුකරු බේරා ගැනීමේ දෙවැනි මෙහෙයුම අද උදෑසන ක්‍රියාත්මක විය.

අද සවස වෙද්දී කිමිදුම්කරුවන් තවත් දරුවන් සිවු දෙනකු බේරාගත් බවත් ඔවුන් ද කඩිනමින් රෝහල් ගත කළ බවත් පැවැසෙයි.

අද මෙහෙයුම් අවසන් වුණු අතර, හෙට (10) ඉතිරි දරුවන් සිවු දෙනා සහ පුහුණුකරු මුදා ගැනීම සිදුවනු ඇතැයි පැවැසෙයි.

අද පළමු දරුවා බේරා ගැනීම සිදු වූයේ තායිලන්ත වේලාවෙන් සවස 3.57 ට යැයි පැවැසෙයි. කිමිදුම් කණ්ඩායම් කල්තියා පවසා තිබුණේ, දවස අවසන් වෙද්දී බේරා ගැනීමට හැකිවනු ඇත්තේ දරුවන් සිවු දෙනකු පමණක් කියාය.

රෝහල් ගත කළ දරුවන් නිරෝධායනය (වෙන්කර) තබා ඇති බවත්, ඔවුන්ගේ මාපියන්ට ඔවුන් හුමවීමට පවා මෙතෙක් අවසර ලැබී නැති බවත් වාර්තා වේ.

(බී.බී.සී.)


RECOMMEND POSTS