තලේබාන්ට බයෙන් ප්‍රවෘත්ති කියලා



ඇෆ්ගන් රූපවාහිනී නාළිකාවක පුවත් නිවේදකයකු තලේබාන් සටන්කාමීන් මැද බියෙන් පුවත් ඉදිරිපත් කරන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පෙළක් මේ වනවිට 'ඩේලිමේල්' ඇතුළු විදෙස් පුවත් වෙබ් අඩවි රැසක් හරහා ප්‍රසිද්ධියට පත් වී තිබේ.

පුවත් නිවේදකයා පුවත් ඉදිරිපත් කරද්දී, ඒ.කේ. 47 ගිනි අවිවලින් සන්නද්ධ තලේබාන් සටන්කාමීන් ඔහු වට කරගෙන සිට ඇත්තේ, තලේබාන් සංවිධානය වර්ණනා කරන ආකාරයට පුවත් ඉදිරිපත් කළ යුතු බව පවසමිනි.

මාධ්‍ය නිදහසට ගරු කරනවා යැයි කී තලේබාන් සංවිධානය, ඇෆ්ගන් මාධ්‍යවේදීන්ට සහ පුවත් නාළිකාවලට සිදු කරන බලපෑම මෙම සිදුවීමෙන් හොඳින් පැහැදිලි වන බව 'ඩේලිමේල්' වෙබ් අඩවිය පවසා තිබේ.

(ඩේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS