තලේබාන් ප්‍රහාරයෙන් 15 ක් මියයති

කාබුල් නුවර පොලිස්, හමුදා සහ බුද්ධි අංශ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බව තලේබාන් සංවිධානය ප්‍රකාශ කර ඇත.
ප්‍රහාරවලින් 15 දෙනකු මියගොස් පනහකට වැඩි පිරිසක් මියගිය බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.
කාර් බෝම්බ ප්‍රහාරයක් පොලිස් මූලස්ථානය ඉදිරිපිට පුපුරා ගිය බවත් ප්‍රබල පිපිරීමක හඬ ඇසුණු බවත් ඇෆ්ගනිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වාර්තා කළේය. පිපිරීම්වලින් අනතුරුව හමුදා සහ සටන්කාමීන් පිරිසක් වෙඩි හුවමාරුවක් වූ බව ද වාර්තා විය.
පොලිස් මූලස්ථානය සහ හමුදා පුහුණු පාසල පිහිටා ඇත්තේ ආසන්නයේ වන අතර වෙඩි හුවමාරුව පැය කිහිපයක් පැවැති බව ද රොයිටර් පුවත් සේවා වාර්තාවල දැක්විණි.
බදාදා දහවල් වනවිට ප්‍රහාර මැඩ පැවැත්වීමට හැකි වූ බවත් ආරක්ෂක අංශ ප්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුම් දියත් කළ බවත් ඇෆ්ගනිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු වන නජීබ් දනීෂ් පැවැසීය.
ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 11 දෙනකු ඇතුළු 15 දෙනකු මියගොස් ඇති අතර මෙම ප්‍රහාරයෙන් මිනිත්තු කිහිපයකට පසු කාබුල් නුවරට නැගෙනහිරින් පිහිටි ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන බුද්ධි අංශ කාර්යාලය ආසන්නයේ පිපිරීමක් විය.
මෙම ප්‍රහාරවලින් කුඩා දරුවන්, කාන්තාවන් 50කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව ද ඇෆ්ගනිස්තාන වාර්තා තවදුරටත් වාර්තා කර තිබිණි.
ඒ.එෆ්.පී.

