තලේබාන් නායකයෙක් මරා දැමේ



ඇෆ්ගන් තලේබාන් ත්‍රස්ත සංවිධානයේ නායකයකු මරා දැමීමට තමන්ට හැකිවුණැයි ඇමෙරිකාව කියයි.

ඇමෙරිකාව සිදු කළ ගුවන් ප්‍රහාරයකින් මියගොස් ඇත්තේ අබ්දුල් මැනාන් නමැති තලේබාන් නායකයාය.
ඇමෙරිකන් ගුවන් හමුදාව මැනාන් ඉලක්ක කර ගනිමින් හෙල්මන්ද් ප්‍රාන්තයේ ඔහුගේ තිප්පොලකට පහර දී ඇතැයි ද පැවැසෙයි. ඇමෙරිකන් හමුදාව මෙම මෙහෙයුම කර ඇත්තේ ඇෆ්ගන් රජයේ හමුදා සමඟ එක් වෙමිනි.

හෙල්මන්ද් ප්‍රාන්තයේ විදෙස් හමුදා ඉලක්ක කර ගනිමින් ප්‍රහාර රැසක් සිදු කර ඇත්තේ ද අබ්දුල් මැනාන්ගේ නායකත්වය යටතේ යැයි ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS