තලේබාන් ආගමික නායකයා මරා දැමේ



ඇෆ්ගනිස්තානයේ බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගූ තලේබාන් ආගමික නායක ෂෙයික් රහිමුල්ලා හක්කානී ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇත.

රහිමුල්ලා හක්කානී, බෝම්බ ප්‍රහාරයට ලක්වූයේ කාබුල් අගනුවර සුසාන භූමියකදී යැයි ඇෆ්ගන් තලේබාන් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ෂෙයික් රහිමුල්ලා හක්කානී, ඇෆ්ගන් වැසියන්ගේ පමණක් නොව, තලේබාන් සංවිධානයේ ද ගෞරවයට පාත්‍ර වුණු ආගමික නායකයෙක් විය.

රහිමුල්ලා හක්කානී ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරය එල්ල කළේ ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක අයි.එස්.අයි.එල්. ත්‍රස්තවාදීන් යැයි තලේබාන් රජය චෝදනා කරයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS