තලේබාන් අර්බුදය විසඳන්න උදවු කරනවා

වසර 17 ක් තිස්සේ ඔඩුදුවන ඇෆ්ගනිස්තානයේ තලේබාන් අර්බුදය විසඳීමට සහාය දෙන බව පාකිස්තානය ඇමෙරිකාවට පොරොන්දු වී ඇත.
පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ නව රජය ඇමෙරිකාවට පවසා ඇත්තේ, ඇෆ්ගනිස්තානයේ තලේබාන් අර්බුදයට විසඳුමක් ලබා දීමට සහාය වීම වෙනුවෙන්, ඇමෙරිකාව විසින් නවතා දමනු ලැබූ හමුදා ආධාර යළි ලබා දීමට පියවර ගන්නා ලෙසය.
2001 වසරේ දී, ඇමෙරිකන් හමුදා නේටෝවේ ද සහාය ඇතිව ඇෆ්ගනිස්තානය ආක්රමණය කළේ, තලේබාන් පාලනය පෙරළා දමමිනි. ඒ, තලේබාන්වරුන් ඔසාබා බින් ලාඩන්ට ආරක්ෂාව දීම නිසාය. ඒ වනවිට ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ය.
තලේබාන් ත්රස්තවාදීන්ට එරෙහිව ඇෆ්ගන් යුද්ධය ආරම්භ වෙද්දී පාකිස්තානයේ අගමැතිවරයා ලෙස කටයුතු කළේ පර්වේස් මුෂාරෆ්ය. සටන්වලදී ඇමෙරිකාව පාකිස්තානයේ සහාය ලබා ගත්තේය.
පාකිස්තාන ඇෆ්ගන් දේශසීමාවේ හමුදා රැුඳවීමට ද ඇමෙරිකාව කටයුතු කළේය. ඇමෙරිකාව ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම් සිදු කළේ පාකිස්තාන ඇෆ්ගන් දේශසීමාවේ සිටය.
ඇමෙරිකාව පාකිස්තානයට අංශ ගණනාවකින් මුදල් ආධාර ලබා දුන් අතර, හමුදා ආධාර ලබා දීම කළේ තලේබාන් ත්රස්තවාදීන්ට මර්දනය කිරීම සඳහාය. තලේබාන් ත්රස්තවාදීන් කණ්ඩායම් දෙකකි. ඒ, ඇෆ්ගන් තලේබාන් සහ පාකිස්තාන තලේබාන් ආදී වශයෙනි. මොවුන් කණ්ඩායම් දෙකක් වී සිටින්නේ මත ගැටුම් හේතුවෙනි.
වත්මන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් පාකිස්තානයේ හිටලූ අගමැති නවාස් ෂරීෆ් ප්රමුඛ රජයට චෝදනා කර තිබුණේ, ත්රස්තවාදය මැඩලීමට නවාස් ෂරීෆ් රජය කිසිවක් නොකළ බවටය. හමුදා ආධාර නැවැත්වීමට පියවර ගැණුනේ ඒ අනුවය.
වත්මන් අගමැති ඉම්රාන් ඛාන් බලයට පත් වෙද්දී, ඇමෙරිකාව පාකිස්තානයට ලබා දෙමින් තිබුණු ආධාර නැවැත්වීමට සහ කප්පාදු කිරීමට ට්රම්ප් පරිපාලනය කටයුතු කර තිබුණි.
අගමැති ඉම්රාන් ඛාන් ඇමෙරිකාවට පවසා ඇත්තේ පාකිස්තානය ත්රස්තවාදයට අනුග්රහය දක්වනවා යැයි එල්ල කරන චෝදනා ඉවත් කර ගන්නා ලෙසය.
ඇෆ්ගන් තලේබාන් සංවිධානය සමඟ සාකච්ඡුා පවත්වා ඇෆ්ගන් අර්බුදයට පැහැදිලි විසඳුමක් ලබා දීමට තමන් මැදිහත් වන බව අවධාරණය කරමින් පාකිස්තාන අගමැති ඉම්රා්න් ඇමෙරිකාවට දන්වා ඇත්තේ ත්රස්තවාදයට සහ අන්තවාදයට අනුග්රහය දක්වනවා යැයි චෝදනා කිරීමෙන් ද වළකින ලෙසය.
(එන්.ඞී.ටීවී.)

