තමිල්නාඩු මහ පුටුව ගන්න හැදූ ශෂිකලාට අවුරුදු 4 ක සිරදඬුවම්



තමිල්නාඩුවේ මහ ඇමැතිධුරය අපේක්ෂාවෙන් සිටි ශෂිකලා නට්රාජන්ට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය සිවු වසරක සිර දඬුවමක් නියම කළේය. ඒ, අයථා මුදල් ඉපැයීමේ චෝදනාවලට ඇය වරදකරු කරමිනි.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවත් සමඟ ඇය තමිල්නාඩු මහ ඇමැති ධුරයට පත්වීමට තිබූ අවස්ථාව ගිලිහී ගියේ යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

වසර 10 ක් යන තුරු ඇයට මැතිවරණ සඳහා ඉදිරිපත්වීමට ද  අවස්ථාවක් නොලැබෙනු ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වරදකාරිය වීමෙන් පසු ශෂිකලාට වහාම අධිකරණයට භාරදීමට සිදුවී ඇති බව ද ඉන්දීය පුවත් සේවා වැඩි දුරටත් පෙන්වා දෙයි.

 

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS