ඩොරියන් සුළි කුණාටුව බහාමාස් කලඹයි



පැයට කිලෝ මීටර් 285 ක තද සුළං  සහ මහ වැසි සමඟ ඩොරියන් සුළි කුණාටුව බහාමාස් දූපත් රාජ්‍ය හරහා හමා ගියේය.

ඇමෙරිකන් කාලගුණ විද්‍යාඥයන් විසින් ‘ඩොරියන්’ නම් කරනු ලැබ ඇත්තේ ප්‍රචණ්ඩත්වයෙන් අංක 5 කාණ්ඩායට ඇතුළත් සුළි කුණාටුවකින් ලෙසිනි.

සුළි කුණාටුව ගැන කල් තියා අනතුරු ඇඟවීමට කාලගුණ විද්‍යාඥයන්ට හැකිවුණු බැවින් වෙරළාශිත පදිංචි වැසියන් පමණක් නොව සංචාරකයන් ද ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණි.

මහ වැසි සහ තද සුළං හේතුවෙන් නිවාස රැසකට හානි සිදුවුණු බවත්, මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බවත් වාර්තා වේ.

බහාමාස් යනු ඇමෙරිකාවට නුදුරින් අත්ලාන්තික් සාගරයේ පිහිටි දූපත් සමූහයකි. මෙම දූපත් සංචාරක ආකර්ශණ ලෙස සැලෙකයි. ප්‍රධාන දූපත් දෙක වන්නේ මහා බහාමාස් දූපත සහ පැරඩයිස් දූපතය.

නාසෝහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS