ඩුබායිහි හුසෙන් කුමරිය පාප්තුමා බැහැදකියි

මැතිව් සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ හයිටි ජනතාවට සහනාධාර රැගෙන යමින් සිටින අතර වාරයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් අග්‍රාමාත්‍ය හා ඩුබායි පාලක වරයාගේ භාර්යාව වන හායාත් බින්ත් අල් හුසේන් කුමරිය හදිසියේම රෝම නගරයේ එක් දින සංචාරයක නිරත වෙමින් වතිකානයේ දී අති උතුම් ෆ්‍රැන්සිස් පාප්තුමන් බැහැ දුටුවාය.
ඩුබායි පාලක අල් මක්ටුම් මහතා ගේ උපදෙස් මත මෙට්‍රික් ටොන් 90 ක සහනාධාර රැගෙන හායාත් කුමරිය ඊයේ (12) ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට රෝමයේ ෆියුමිචිනෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළගා වූ සැණින් වතිකානයට ගොස් පාප්තුමන් හමුවූහ.
එහිදී පාප්තුමන් බැහැ දුටු හායාත් කුමරිය ලොව පුරා කුසගින්නේ පීඩා විදමින් සිටින දහස් සංඛ්‍යාත මිනිසුන් වෙනුවෙන් කළ යුතු මෙහෙවර සම්බන්ධයෙන් පාප්තුමන් සමග කරුනු සාකච්ඡා කළහ.
එසේම ඇය එහිදී ඩුබායි පාලකවරයා මග පෙන්වීමෙන් 2003 වසරේ සිට ඩුබායි හි පවත්වා ගෙන යන ජාත්‍යන්තර මානුෂීය නගරය සම්බන්ධයෙන් ද පාප්තුමන්ද දැනුම්වත්ද කිරීමට කටයුතු කළාය.තරුණ අරාබි නායකත්වය වෙනුවෙන් හා ඉවසීමෙන් යුතු තරුණ ප්‍රජාවක් බිහිකරලීම වෙනුවෙන් ෂෙයික් මොහොමඩ් බින් රසීඩ් අල් මක්ටුම් ඩුබායි පාලකවරයාගේ මග පෙන්වීමෙන් ක්‍රියාත්මක කරන, ඉවසීම, විවෘතභාවය හා සාර්ධර්ම උදෙසා වන සම්මාන වැඩසටහන ගැන හායාත් කුමරිය විසින් පාප්තුමන් දැනුම්වත් කළහ.
පාප්තුමන් බැහැ දැකීමෙන් පසු හායාත් කුමරිය රෝමයේ ඔලිම්පික් ක්‍රීඩාංගනයේ පැවති ප්‍රදර්ශන පාපන්දු තරගයක් නැරඹුවාය.එසේම ලෝක සාමය ප්‍රර්ථනා කරමින් ඇය එම ක්‍රීඩාංගනයේ ඔලිව් පැළයක්ද සිටවුවාය.සිය එක්දින රෝම සංචාරය අවසන් කල හායා කුමරිය අද (14) හයිටිය බලා පිටත් වූවාය.
මෙම මානුෂීය නගරය ලොවපුරා පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් මානුෂීය සහන සලසන ආයතනයක් වන අතර එය ලොව ඕනෑම අවස්ථාවකදී ස්වාභාවික විපත් වලින් පීඩාවට පත්වූ ලොව පුරා ජනතාව වෙනුවෙන් ඉදිරිප්තව සිටි.පසුගිය මාසයේදීත් ඩුබායි පාලකවරයාගේ උපදෙස් මත උගන්ඩාවේ හා සුඩානයේ පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසුවේය.
( තිළිණි ද සිල්වා )
කලීජ් ටයිම්ස් ඇසුරෙනි....

