ඩුබායි කෝටි 4 කොල්ලයට ලාංකිකයෝ තිදෙනෙක් හවුල්

එක්සත් අරාබි එමීර් රාජ්ය යේ ඩුබායි නගරයේ පිහිටි අධි සුඛෝපබෝගී නිවසකින් ඩිරාම් මිලිනයක (ශ්රී ලංකා මුදලින් රුපියල් කෝටි 4කට ආසන්න) මුදලක් වටිනා බඩු භාණ්ඩ සොරකම් සිද්ධියකට ශ්රී ලාංකිකයින් තිදෙනෙකු සම්බන්ධ වී ඇතැයි ඩුබායි අපරාධ අධිකරණය විසින් ඊයේ (07) කරුණු තහවුරු කර ගෙන ඇතැයි එරට පළවන නැෂනල් පුවත්පත් වෙබ් අඩවිය වාර්තා කළේය.
ඉකුත් වසරේ අගෝස්තු මාසයේදී සිදූ වී ඇති මෙම සොරකමට අදාළ ඩුබායි පොලිසිය විසින් ගොනු කළ නඩු විභාගය ඊයේ (07) අධිකරණය හමුවේ කැදවූ අතර එහිදී මෙම කරුණු හෙළි වූ බවද එම වාර්තාවේ සදහන්වේ.
මෙම සොරකමට අදාළ සැකකාර ලාංකිකයින් තිදෙනා ගෙන එක් අයෙකු පමණක් මේ වන විට ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන අතර 47 හැවිරිදි ඔහු සාජා ගුවන්තොටුපළින් පලා යාමාට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මේ සම්බන්ධව අත් අඩංගුවට ගෙන සිටින ශ්රී ලාංකිකයා ඊයේ (07) අධිකරණය හමුවේ කැදවූ අවස්ථවේදී සොරකීමේ චෝදනාව ප්රතික්ෂේප කොට ඇත.
සෙසු ලාංකිකයින් දෙදෙනාම මේවන විට සොරකම් කළ වටිනා භාණ්ඩ තොගයක් රැගෙන සිය මව් රටට පලා ගොස් ඇතැයි ද ඩුබායි පොලීසිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණ හමුවේ ප්රකාශ කොට ඇත.
මොවුන් දෙදෙනාම සංචාරක් වීසා මත ඩුබායි වලට පැමිණ සොරකමේ නිරත වී ඇතැයිද නැෂන්ල් පුවත්පත් වෙබ් වාර්තාවේ දැක්වේ.
ඩුබායි, අල් මුහායිස්නා ප්රදේශයේ පිහිටි නිවසකින් මෙම සොරකම සිදුකර ඇති අතර සිය පවුලේ උදවිය සමග බෙල්ජියමේ සංචාරයක නිරතව සිටි අවස්ථාවේදී නිවස බිඳ භාණ්ඩ සොරා ගෙන ඇති බව 37 හැවිරිදි එක්සත් අරාබි එමීර් ජාතික ගෙහිමියා පොලිසියට පවසා ඇතැයි ද නේෂන් වෙබ් අඩවිය පවසයි.
තමා නිවසේ නැති මොහෙතේ සිය මව විසින් මෙහෙකරුවෙකු ලවා නිවස ශුද්ධ පවිත්ර කිරීමට ගිය අවස්ථාවේ දී නිවසට පිරිසක් කඩා වැදී භාණ්ඩ සොරකම් කර ඇති බව දැනගන්නට ලැබුනු බවත් ඔහු කළ පොලිස් පැමිණිල්ලේ සදහන් වේ.
සොරකම් කළ වටිනා භාණ්ඩ අතර ස්වර්ණාභරණ ,මුදල් ,වටිනා අත් ඔර්ලෝසු සහ පෑන් වර්ගද වේ.
මෙම සොරකම් සිද්ධියට අදාළ මීලග නඩු විභාගය ලබන 28 වැනිදා යළි කැදවේ.
( තිළිණි ද සිල්වා )

