ඩවුනිං වීදියෙන් යයි

පක්ෂ නායකත්වයෙන් මෙන්ම අගමැති ධුරයෙන් ද ඉවත්වුණු බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ ඊයේ (24) ලන්ඩන් නුවර ඩවුනිං වීදියේ අංක 10 හි පිහිටි අගමැති නිල නිවසින් නික්ම ගියාය.
අගමැතිනිය නිල නිවසින් නික්ම ගියේ නව අගමැති බොරිස් ජොන්සන්ට ඉඩ දෙමිනි.
නිල නිවසින් පිටව යෑමට පෙර තෙරේසා මේ සහ සැමියා එක් වී, ඩවුනින් වීදියේ අගමැති නිල නිවස ඉදිරියේ සිට මාධ්‍ය හමුවක් පවත්වමින් සැමට ස්තුති කළාය.
තෙරේසා මේට කොන්සවටිව් පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමටත් අගමැති ධුරය අහිමි වීමටත් හේතුවක් වූයේ මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් බ්‍රෙක්සිට් ක්‍රියාවලියයි.
තෙරේසා මේ, බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සම්බන්ධයෙන් සකස් කළ එකගතා සම්බන්ධයෙන් ඇයට කොන්සවටිව් පක්ෂය තුළින් පවා විරෝධය එල්ල විය. දිගින් දිගටම එල්ල වුණු එම විරෝධය හමුවේ ඇයට පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සිදුවිය. ඒ සමඟ අගමැති ධුරය ද අහිමි විය.
(රොයිටර්ස්)

