ටියුනීසියාවේ ඇඳිරි නීතිය



කොරෝනා වයිරස ආසාදිතයන් හමුවුණු පළාත් හඳුනා ගනිමින්, එම පළාත්වලට ඇඳිරි නීතිය පැනවීමට ටියුනීසියා රජය පියවර ගෙන තිබේ. ඒ, වයිරස ව්‍යාප්තිය අවම කර ගැනීමටය.

ඒ අතරට, ලක්ෂයකට වැඩි පිරිසක් වෙසෙන අල් හම්මා පළාත ද අයත් වෙයි. අල් හම්මා පළාතෙන් වාර්තා වන කොරෝනා මරණ 441 කි. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ සවස 5 සිට අලුයම 5 තෙක් ය.

ටියුනීසියාව උතුරු අප්‍රිකා කලාපීය රාජ්‍යයකි. කොරෝනා ව්‍යාප්තියත් සමඟ ටියුනීසියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 2,607 කි. මරණ වාර්තා වන්නේ 64 ක් ලෙසිණි.

(රොයිටර්)


RECOMMEND POSTS