ට්‍රැමිස් ජපානයට

තද සුළං සහ මහ වැසි ද සමඟ ‘ට්‍රැමිස්’ යනුවෙන් නම් කළ සුළි කුණාටුව දකුණු දිග ජපානයට කඩා වැදුණු බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
පසුගිය කාලයේ ජපානය මෙවැනි සුළි කුණාටු කීපයකින් බැට කෑවේය. පැයට කිලෝ මීටර් 216 ක වේගයෙන් ‘ට්‍රැමිස්’ රට අභ්‍යන්තරය දෙසට ඇදී යමින් පවතින බව පැවැසෙයි.
අනාරක්ෂිත ප්‍රදේශවල පදිංචි පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කළේ යැයි පැවැසෙයි. මේවනවිට විදුලි බලය නොමැති වීමෙන් 1,95,000 ක පිරිසක් පීඩාවට පත් වී සිටින බව ද පැවැසෙයි.
(අල් ජසීරා)

