ට්‍රම්ප්ට කොරෝනා නෑ

‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතිදැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ බවත්, ට්‍රම්ප්ට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වූ බවත් ධවල මන්දිරය පවසයි.
ඇමෙරිකන් ජනාධිපතිවරයා මේ අයුරින් කොරෝනා පරීක්ෂණයකට යොමු කෙරුණේ ඔහු ඇසුරු කළ මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වූ බැවිනි.
(රොයිටර්)

