ට්‍රම්ප්ට එරෙහිව මෙක්සිකෝ වැසියෝ පාරට



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව මෙක්සිකෝවේ ප්‍රධාන නගර කිහිපයක දැවැන්ත විරෝධතා රැලි පැවැත්විණි.

විරෝධතාවට හේතුවූයේ ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ මෙක්සිකෝ විරෝධී ආකල්පය. ජනපති ට්‍රම්ප් මේ වනවිට සූදානම් වන්නේ ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ තාප්පයක් ඉදිකිරීමටය. 

ඉදිරි වසර තුන ඇතුළතදී එම තාප්පය ඉදිකරන බවත් තාප්පය සඳහා ඇමෙරිකන් ඩොලර් බිලියන 12 ත් 15 ත් අතර මුදලක් වැය වනු ඇති බවත් මේ වනවිට ගණන් බලා ඇතැයි ද වාර්තා වේ.

විරෝධතාව සංවිධානය කර තිබුණේ මෙක්සිකෝවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ විශ්ව විද්‍යාල සිසුන්ය. කෙසේ නමුත් මෙක්සිකෝ ජනපති එන්රීක් පෙනා නීටෝගේ පාලක විප්ලවීය පක්ෂයේ ක්‍රියාකාරීහු ද විරෝධතා සඳහා එක්ව සිටියහ. මෙක්සිකෝ පුවත් සේවා වාර්තා කළේ ඇමෙරිකන් ජනපති ට්‍රම්ප්ට එරෙහිව මෙක්සිකෝව එකමුතුවුණු බවය. 

 

 (රොයිටර්)


RECOMMEND POSTS