ට්රම්ප්ගේ නියෝගය නාසා සඳ ගමනට හරස් වෙයි

‘ආටිමිස්’ චන්ද්ර මෙහෙයුම යටතේ, 2027 වසරෙන් පසු, පළමු වරට කාන්තාවක සඳට යැවීමට, ඇමෙරිකාවේ නාසා ආයතනය සැලසුම් කර තිබුණත්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ විධායක නියෝගයක් හේතුවෙන් එම මෙහෙයුම වෙනස් වනු ඇතැයි නාසා ආයතනය කියයි.
‘ආටිමිස්’ මෙහෙයුම යටතේ නාසා ආයතනය සැලසුම් කර තිබුණේ, කාන්තාවක පමණක් නොව, කළු සමක් ඇති ඇමෙරිකන් ගගනගාමියකු සහ ආසියානු හෝ වෙනත් රටක සම්භවයක් සහිත ඇමෙරිකන් ගගනගාමියකු සඳට යැවීමටය.
කෙසේ නමුත්, ස්ත්රී පුරුෂ භේදය හෝ සමේ වර්ණය හෝ නොසලකා කටයුතු කරන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්, ෆෙඩරල් ආයතන ඉලක්ක කර ගනිමින් නිකුත් කළ විධායක නියෝගයට යටත් වීමට ඇමෙරිකාවේ නාසා ආයතනය සිදු වී ඇත. එහෙයින්, නාසා ආයතනය පැහැදිලි කර ඇත්තේ, 2027 වසරෙන් පසු, ‘ආටිමිස්’ චන්ද්ර මෙහෙයුම පෙර සැලසුම් කළ ආකාරයට සිදු නොවනු ඇති බවය.
(ඒ.එෆ්.පී.)

