ට්‍රම්ප්ගේ තහංචියට අනුමැතිය



මුස්ලිම්වරුන් බහුතරයක් වෙසෙන රටවලට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් පනවන ලද සංචාරක තහනම කිසිදු බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරිමට එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමිවී ඇත.

ඒ අනුව, මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉරානය, ලිබියාව, සෝමාලියාව, සිරියාව, යේමනය ඇතුළු මුස්ලිම් රටවලට සංක්‍රමණිකයන්ට ඇමෙරිකාවට පැමිණීමට අවසර නොලැබෙයි.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් ධවල මන්දිරයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ජවපති ට්‍රම්ප් කියා සිටියේ, ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ප්‍රසංශනිය බවය. ට්‍රම්ප්ගේ යෝජනාවකට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමිවුණු පළමු අවස්ථාව මෙය බව ඇමෙරිකන් පුවත් සේවා පෙන්වා දෙයි.

ඇමෙරිකා ජනාධිපතිවරයා මෙම සංචාරක තහනම ඉදිරිපත් කළේ, පසුගිය වසරේ ඔහු ජනපති ධුරයට පත්වීමත් සමඟය. ට්‍රම්ප් මෙම සංචාරක තහනම හඳුන්වා දුන්නේ, මුස්ලිම් රටවලින් පැමිණෙන සංක්‍රමණිකයන් ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පෙන්වා දෙමිනි.

කෙසේ නමුත් ඇමෙරිකන් සිවිල් සංවිධාන ඊට එරෙහිව යෑම හේතුවෙන්, ට්‍රම්ප්ගේ සංචාරක තහනමට අධිකරණය හරස් විය. ඒ අනුව, සංචාරක තහනම ක්‍රියාත්මක වූයේ එය ලිහිල් කිරීමෙන් පසුවය. සිවිල් සංවිධාන සමඟ ද සාකච්ඡා කරමින්, නීතිමය ගැටළු විසඳා යළි එය ඉදිරිපත් කිරීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගත්තේය.

(ඒ.එෆ්.පි.)


RECOMMEND POSTS