ට්‍රම්ප්ගේ ආරක්ෂක උපදේෂක ඉල්ලා අස්වෙයි



ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ ඇතිවුණු මත ගැටුම් හේතුවෙන් ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක මයිකල් ෆ්ලින් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. 

එම මත ගැටුම් නිර්මාණය වී ඇත්තේ රුසියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික රෙගුලාසිවලට මුල්කොට ගනිමින් යැයි ද වාර්තා වේ. ඔබාමා පරිපාලනය රුසියාවට සම්බාධක පනවා ඇත. එම සම්බාධක ඉවත් කිරීමට ට්‍රම්ප් මේ වනවිට උත්සාහ දරමින් සිටී. 

ඒ අනුව, වැඩ බලන ජාතික ආරක්ෂක උපදේශකයා ලෙස ජනරාල් ජෝසප් කීත් කෙලොග් පත් කිරීමට ට්‍රම්ප් පරිපාලනය කටයුතු කර ඇති බව ද වාර්තා වේ.

 

(රොයිටර්)


RECOMMEND POSTS