ට්‍රම්ප්ගෙන් මෙක්සිකෝවට තීරු බද්දක්



අසල්වැසි මෙක්සිකෝවට නව තීරු බද්දක් පැනැවීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පියවර ගෙන ඇත. ඒ, නීතිවිරෝධී සංක්‍රමණික ගැටලුවට විසඳුමක් ලබා දීමට, මෙක්සිකෝ රජය අපොහොසත් වූ බව පෙන්වා දෙමිනි.

ඒ අනුව 1 සිට මෙම නව තීරු බද්ද ක්‍රියාත්මක වන අතර, ඔක්තෝබර් මස පළමු වැනිදා තෙක් එය මාසිකව සියයට 5 කින් ඉහළ නැංවෙනු ඇති බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මෙක්සිකෝවෙන් ඇමෙරිකාවට ආනයනය කරන සියලු භාණ්ඩ සඳහා ඔක්තෝබර් පළමු වැනිදා සිට සියයට 25 ක තීරු බද්දක් අය කිරීම සිදුවනු ඇති බව ද පැවැසෙයි.

වොෂින්ටන්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS