ට්‍රම්ප්ගෙන් චීනයට තීරු බදු



පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු චීනයෙන් ආනයන කරන ඇමෙරිකන් ඩොලර් බිලියන 300 ක භාණ්ඩ සඳහා තවදුරටත් සියයට 10 කින් තීරු බද්දක් පැනැවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර ඇත.

ඒ අනුව, චීනයත් ඇමෙරිකාවත් අතර පවතින වෙළෙඳ යුද්ධය උත්සන්න වී, එය මුළු ලොවට අහිතකර බලපෑමක් කරනු ඇති බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

මෙම නව බද්ද ලබන සැප්තැම්බර් පළමු වැනිදා සිට ක්‍රියාත්මක කෙරෙනු ඇති බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ඇමෙරිකාව පැනැවූ මෙම නව තීරු බදු ළමා ඇඳුම්වල සිට ස්මාට් ෆෝන් ජංගම දුරකතන තෙක් භාණ්ඩ රැසකට බලපැවැත්වෙනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පැහැදිලි කරති. ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම සියයට 10 බද්ධ සියයට 25 තෙක් ඉහළ දැමීමට පියවර ගන්නා බවය.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS