ට්රම්ප් ‘ජී20’ බලා යයි
ආජන්ටිනාවේ බුවර්නෝස් අයර්ස් නුවරදී හෙට (30) පැවැත්වෙන ජී 20 හෙවත් ලෝක ආර්ථික බලවතුන්ගේ හමුවට සහභාගීවීමේ අරමුණ ඇතිව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් ආජන්ටිනාව බලා පිටත්ව ගියේය.
චීනය සහ ඇමෙරිකාව අතර පවතින ‘වෙළෙද යුද්ධය’ සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති සහ චීන ජනාධිපති අතර සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ඊට අමතරව, ට්රම්ප් විසින් යුරෝපා රටවලට පනවා ඇති නව තීරු බදු සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වෙයි.
ජී 20 සමුළුවේදී ඇමෙරිකා ජනාධිපති ට්රම්ප් සහ රුසියානු ජනාධිපති පුටින් අතර සාකච්ඡා පැවැත්වීමට නියමිතව පැවැතිය ද යුක්රේන අර්බුදය මුල්කොට ගනිමින්, එම සාකච්ඡා පැවැත්වීම සිදුනොවනු ඇති බව ට්රම්ප් අවධාරණය කර ඇත.
(රොයිටර්ස්)

