ට්‍රම්ප් සමඟ වාද කරලා

නෙදර්ලන්ත අගමැති මාර්ක් රූට් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්වුණු අතර, එහිදී ට්‍රම්ප්ට විරුද්ධ වෙමින් ඔහු සමඟ වාද කිරීමට මාර්ක් රූට් අමතක නොකළේය.
ට්‍රම්ප් පරිපාලනය, පසුගිය ජූනි පළමු වැනිදා සිට යුරෝපා සංගමය, මෙක්සිකෝව සහ කැනඩාවෙන් ආනයනය කරන වානේ සහ ඇලුමිනියම් වෙනුවෙන් සියයට 25 ක බද්දක් සහ සියයට 10 ක් බැගින් බද්ධක් අය කිරීම ආරම්භ කර තිබේ. මේ හේතුව නිසා, යුරෝපා සංගමයට අයත් යුරෝපා රටවල් සහ ඇමෙරිකාව අතර අර්බුදයක් නිර්මාණය විය.
නෙදර්ලන්තය යුරෝපා රටක් වන අතර යුරෝපා සංගමයේ සාමාජිකයකු ද වෙයි. නෙදර්ලන්ත අගමැති මාර්ක් රූට්, ට්‍රම්ප් හමුවීමට ගියේ පවතින අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටය.
නායකයන් දෙදෙනා සාකච්ඡා පැවැත් වූයේ මාධ්‍යවේදීන් ඉදිරියේය.
තම බදු අයකිරීම් සම්බන්ධයෙන් ට්‍රම්ප් සාධාරණීයකරණය කිරීමට උත්සාහ ගත් නමුත්, ඒ සෑම අවස්ථාවකදීම නෙදර්ලන්ත අගමැතිවරයා ඊට විරෝධය පළ කළේය. වාද විවාද මැද දෙදෙනාගේ හමුව අවසන් විය.
(රොයිටර්)

