ට්‍රම්ප් විරුද්ධ වෙයි

ඇමෙරිකා රජය අකර්මණ්‍ය වීම වළක්වීමට, එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සම්මත කළ නව යෝජනාවට, ඇමෙරිකා ජනාධිපති විරෝධය දක්වා ඇත.
මේ වනවිට ඇමෙරිකා රජයේ කටයුතුවලින් හරි අඩක් පමණ අකර්මණ්‍ය වී ඇත. ඒ, අයවැය සම්මත කර ගැනීමට නොහැකිවය.
අයවැය සම්මත කර ගැනීමට නොහැකි වී ඇත්තේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඇමෙරිකා මෙක්සිකෝ දේශමසීමාවේ ඉදිරිකිරීමට යෝජනා කර ඇති දේශසීමා තාප්පය මුල් කොට ගනිමිනි.
ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන් ප්‍රතික්ෂේප කර ඇත. ඇමෙරිකන් කොං්රස් මණ්ඩලය (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය) අභිබවා යමින්, හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තාප්පය ඉදිකිරීමට මුදල් වෙන් කිරීම සිදුකරන බව ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත.
(රොයිටර්ස්)

