ට්‍රම්ප් මෝඩයන්ගේ දිනය දා විහිළු කරලා



ඇමෙරිකා ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බරයේ පැවැත්වෙයි. ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයෙන් ඊට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයා වන්නේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ය.

පෙරේදා, එනම් අප්‍රේල් පළමු වැනිදා, ට්‍රම්ප් සිය ආධාරකරුවන්ට පණිවුඩයක් යවා තිබුණේ තමන් ජනාධිපතිවරණ සටනින් ඉවත් වන බවත් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වහා නවත්වන බවත්ය. 

මෙය ට්‍රම්ප් ආධාරකරුවන් මවිතයට පත් කිරීමට හේතුවක් වූ බව ඇමෙරිකන් මාධ්‍ය පවසයි. කෙසේ නමුත් එය අප්‍රේල් පළමු වැනිදා මෝඩයන්ගේ දිනය දා තමන් කළ විහිළුවක් බව ට්‍රම්ප් පසුව පවසා තිබුණි.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS