ට්‍රම්ප් මාස්ක් නැතිව මාක්ස් කම්හලකට ගිහින්

මුහුණු ආවරණ පැලඳීම අනිවාර්ය යැයි ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන් නිරන්තරයෙන් උපදෙස් දෙද්දී, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මුහුණු ආවරණ නොපැලඳ මුහුණු ආවරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නිරීක්ෂණයට ගියේය.
මුහුණු ආවරණ පැලඳ නොසිටියත් ජනපති ට්‍රම්ප් ඇස් ආවරණයක් පැලඳ සිටියේය. ට්‍රම්ප්ගේ ආරක්ෂක අංශ සාමාජිකයන් හෝ ට්‍රම්ප් සමඟ එම සංචාරයට එක්වුණු ඇරිසෝනා ජනපදයේ රිපබ්ලිකන් සෙනෙට්සභිකයන් ද මුහුණු ආවරණ පැලඳ සිටියේ නැත.
ජනපති ට්‍රම්ප් ගියේ ඇරිසෝනා ජනපදයේ ‘හනිවෙල් ඉන්ටර්නැෂනල්’ සමාගමේ මුහුණු ආවරණ කම්හලටය. ඇමෙරිකාව පුරා පමණක් නොව, විදේශවලට ද මුහුණු ආවරණ සැපැයීම මෙම කම්හල මගින් සිදු කරන බව එහි විධායක අධ්යක්ෂ ඩැරියස් ඇඩමැක්සි ජනපති ට්‍රම්ප් හමුවේ පැහැදිලි කළේය.
කම්හලේ සේවක සේවිකායන් පැය 24 පුරා වෙහෙස වී, මුහුණු ආවරණ නිපදවීම සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප් ඔවුන්ට ප්‍රසංශා කිරීමට ද අමතක නොකළේය.
මුහුණු ආවරණ පැලඳ නොසිටියේ ඇයිදැයි මාධ්‍යවේදීන් පසුව විමසූ අවස්ථාවේදී ජනපතිවරයා කියා සිටියේ මුහුණු ආවරණ නොපැලඳ සිටියත් තමන් සියලු ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීමට සෙසු සෑම ආරක්ෂිත පියවරක්ම ගත් බවය. කම්හල නැරැඹීමට ගිය අවස්ථාවේ ට්‍රම්ප් කිසිවකුටවත් අතට අත නොදුන් බව ද පැවැසෙයි.
චීනයෙන් පිට ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය දරුණු අන්දමින් ව්‍යාප්තවන රට වන්නේ ඇමෙරිකාවය. ඇමෙරිකාවේ පමණක් 70,850 කට වැඩි පිරිසක් වයිරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත. ඇමෙරිකාවෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 1,201,337 කි.
වොෂින්ටනයේදීය (ඬේලිමේල්)

