ට්‍රම්ප් පුටින්ට ස්තුති කරයි



උතුරු කොරියා නායක කිම් ජොන් උන් සමඟ සාකච්ඡා පවත්වා න්‍යෂ්ටික අවිහරණ කටයුතුවලට ඔහු දිගටම පොලොඹවා ගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ස්තුති කර ඇතැයි වාර්තා වේ.

උතුරු කොරියා නායක කිම් ජොන් උන්, රුසියානු ජනාධිපති පුටින්ට ළංවූයේ, ට්‍රම්ප් සමඟ පැවැති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසුවය. පුටින් කියා සිටියේ, කිම් ජොන් උන් සමඟ පැවැති සාකච්ඡා සාර්ථක වුණු බවත් සිය න්‍යෂ්ටික වැඩසටහන අවසන් කිරීමට නායක කිම් ජොන් උන් පියවර ගනු ඇති බවත්ය.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS