ට්‍රම්ප් නරුහිතෝ අධිරාජයා හමුවෙයි



සිවුදින නිල සංචාරයක් සඳහා ජපානයේ ටෝකියෝ අගනුවරට පැමිණ සිටින ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා ජපානයේ නරුහිතෝ අධිරාජයා හමුවූහ.

නරුහිතෝ කුමරු ජපාන අධිරාජයා බවට පත්වීමෙන් පසු ඔහු හමුවීමට පැමිණි පළමු විදෙස් නායකයා වන්නේ ඇමෙරිකන් ජනාධිපතිවරයාය. ට්‍රම්ප් සහ මෙලානියා, ජපන් අධිරාජයා සහ අධිරාජණිය මසාකෝ හමුවීම සිදුවූයේ ටෝකියෝ නුවර රජ මාලිගයේදීය. ඇමෙරිකන් ජනපති මහත් හරසරින් පිළිගැනීමට විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණි.

නරුහිතෝ අධිරාජයා හමුවන්න ලැබීම තමන්ට මහත් ගෞරවයක් බව ට්‍රම්ප් එම අවස්ථාවේදී කියා සිටියේය. නරුහිතෝ අධිරාජයාගේ කිරුළු පැළඳීම සිදුවූයේ පසුගිය මැයි මාසයේය. ඒ, අධිරාජයා ලෙස කිරුළ දැරූ ඔහුගේ පියා අකිහිතෝ අහපත් සෞඛ්‍යය හේතුවෙන් කිරුළ අත්හැරීම නිසාය. ශතවර්ෂ ගණනාවකට පසු ජපන් අධිරාජයෙක් කිරුළ අත්හළ පළමු අවස්ථාව මෙය විය.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා ජපානයේ ටෝකියෝ අගනුවර බලා පැමිණියේ පසුගිය 25 වැනිදාය. ජපාන අගමැති ෂෙන්සෝ අබේගෙන් ට්‍රම්ප් සහ මෙලානියාට හිමුවූයේ උණුසුම් පිළිගැනීමකි.

ජනපති ට්‍රම්ප් සහ ජපාන අගමැති ෂෙන්සෝ අබේ දෙදෙනා එක් වී ගොල්ෆ් ක්‍රීඩා කළහ. ඒ ද්වී පාර්ශ්වීක සාකච්ඡා ආරම්භ වීමට පෙරය. ගොල්ෆ් ක්‍රීඩාවෙන් පසු, ජනපති ට්‍රම්ප් සහ අගමැති අබේ දෙදෙනා සූමෝ මල්ලව පොර තරගයක් නැරැඹූහ.

ටෝකියෝහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS