ට්‍රම්ප් දකුණු කොරියාවේ



පළමු ආසියානු සංචාරය ආරම්භ කරමින්, ජපානයට පැමිණි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අද උදෑසන (7) එම ජපන් සංචාරය අවසන් කරමින් දකුණු කොරියාව බලා පැමිණියේය.

ජපානය සේම, දකුණු කොරියාව ද ඇමෙරිකාවේ සමීපතම හිතවතෙකි. දකුණු කොරියා ජනාධිපති මූන් ජේ යින්, ජනාධිපති ට්‍රම්ප් සහ බිරිය මෙලානියා උණුසුම් ලෙස පිළිගැනීමට කටයුතු යොදා තිබුණි.

විශේෂ ආරක්ෂාවක් යටතේ, ට්‍රම්ප් සහ බිරිය මෙලානියා ඇතුළු පිරිස රැගත් ඇමෙරිකන් ජනපති නිල ගුවන් යානය ‘එයාර් ෆෝස් 1’ සෝල් අගනුවරට නුදුරින් ඔසාන්හි ගුවන් කඳවුරට ගොඩබැස්සීය.

දකුණු කොරියාවට පැමිණි සැණින්, ජනපති ට්‍රම්ප් යොංග්ටෙක්හි හම්ප්‍රීස් ඇමෙරිකන් හමුදා කඳවුරේදී ඇමෙරිකන් සොල්දාදුවන් හමුවීමට ගියේය. හමුදා කඳවුරේදී ට්‍රම්ප් සොල්දාදුවන් සමඟ එකට අසුන් ගෙන භෝජන සංග්‍රහයකට එක් වූයේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS