ට්‍රම්ප්-කිම් හමුවට රුසියාවෙන් උපදෙස්



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන දෙවැනි සමුළුව සම්බන්ධයෙන්, ඇමෙරිකාව රුසියාවෙන් උපදෙස් ලබාගෙන ඇතැයි ද වාර්තා වේ.

මේ බව අනාවරණය කළේ රුසියානු විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව්ය. ට්‍රම්ප් සහ කිම් ජොන් උන් සමුළුව සම්බන්ධයෙන් සහ උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක ලිහිල් කිරීම සම්බන්ධයෙන් ද ඇමෙරිකානුවන් රුසියාවෙන් විමසීමක් කළේ යැයි ද රුසියානු විදේශ ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටී.

උතුරු කොරියාව සාමයට කැපවී න්‍යෂ්ටික අවිහරණය ආරම්භ කර ඇති බැවින් සම්බාධක ලිහිල් කිරීමක් කෙරෙහි ඇමෙරිකාවේ අවධානය යොමු වී ඇත.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS