ට්‍රම්ප්-කිම් සාකච්ඡා අසාර්ථකයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතරේ උදෑසන ආරම්භ වූ සාකච්ඡා අසාර්ථක විය.
ඇමෙරිකා ජනාධිපති සහ උතුරු කොරියා නායකයා එකිනෙකා හමුවන්නේ වියට්නාමයේ හැනොයි අගනුවරදීය. උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ නියෝජිත පිරිස සාකච්ඡා සඳහා සහභාගීවූයේ, ඇමෙරිකාව උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක ඉවත් කරාවි යැයි අපේක්ෂාවෙනි.
කෙසේ නමුත් ට්‍රම්ප් එය ප්‍රතික්ෂේප කළේය. ඒ, උතුරු කොරියා නායක කිම් ජොන් උන් පොරොන්දු වූ පරිදි එරට න්‍යෂ්ටික අවිහරණ කටයුතු සිදු නොවන බව පෙන්වා දෙමිනි.
හැනොයි අගනුවරදීය (ඒ.එෆ්.පී.)

