ටජ් මහල වැසෙයි



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් යුනෙස්කෝ ලෝක උරුමයක් මෙන්ම ලොව ප්‍රධාන පෙළේ සංචාරක ආකර්ශණයක් ද වන ටජ් මහල වසා දැමීමට ඉන්දියාව තීරණය කළේය.

ලබන මාර්තු 31 වැනිදා තෙක් ටජ් මහල වසා දැමීමට තීරණය කළ බව දැනුම් දුන්නේ ඉන්දීය සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය ප්‍රහලාද් පාටෙල් ය. ඒ, ට්විටර් පණිවුඩයක් මාර්ගයෙනි.

මේ වනවිට ඉන්දියාවෙන් ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් 119 ක් හමුවී ඇති අතර මරණ දෙකක් වාර්තා වේ.

වයිරසය ඉන්දියාවේ ව්‍යාප්තවීමට පටන්ගෙන ඇති බැවින් සිනමා ශාලා සියල්ල වසා දැමීමට පියවර ගෙන ඇත. බොලිවුඞ් පුරයේ සියලු කටයුතු ද වයිරසය හේතුවෙන් අඩපණ වී ඇතැයි වාර්තා වේ.

නවදිල්ලියේදීය (රොයිටර්)


RECOMMEND POSTS